රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
පසුගියදා සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ අල්ලස් ලෙස ලබාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන්.
සිද්ධියට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග ඉදිරියේ අද(20) කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් තවදුරටත් එළැඹෙන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පවසා ඇත්තේ බලපත්‍ර ලබාගැනිමට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තිබූ බවයි.