මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු තිදෙනො කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියම කළා.
එම දෙපාර්තමෙන්තුවේ සේවය ලබා ගැනීමට පැමිණී ජනතාවගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් සන්තකයේ තබා ගැනීම පිළිබද සැකපිට ඔවුන්ව රිමාන්ඩ් බාරයේ රඳවා තිබුණා.
රුපියල් 25”000/- බැගින් මුදල් හා රුපියල් ලක්‍ෂ 20 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදා හළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාරදීමටද නියම කළා.
සැකකරුවන්ට කිසිදු ආකාරයකින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තු කාර්යාලයට කාර්යාලයට හෝ එම පරිශ්‍රයට ඇතුල් වීම තහනම් කරමින්ම ද හෙස්ත්‍රාත්වරිය නියෝගයක්ද නිකුත් කිරීමටයි කටයුතු කලේ .
මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ රඳවා සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන ඩිලාන් නුවන් කුමාර, එහි සහකාර කළමණාකරුවකු වන ප්‍රදීප් නිශාන්ත හා ලිපිකරුවකු වන සමන්ත පෙරේරා යන පුද්ගලයන්වයි.