පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (11) යාපනය ප්‍රදේශයේ හෝටලයක දී මෙම පහරදීම සිදුව ඇති අතර මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.