පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 22ක් තුවාල ලබා තිබෙනවා.
මහඔය – අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරින් බස් රථ දෙකෙහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් 02ක්, කාන්තාවන් 12ක්, පිරිමි ළමුන් 06ක් සහ ගැහැණු ළමුන් 02ක් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මහඔය පොලිසිය සඳහන් කලේ.