පාරිසරික නීතිවේදියෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින්, 2022 වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ලදී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ නිවැරදි ලිපිනයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර ඇත.













