මධ්‍යම අධිවේගී මාර්ගයේ 76.5 වන කිලෝමීටර් කණුව අසල දී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා
අද (02) අලුයම් කාලයේ දී කුරුණෑගල දෙසට යතුරුපැදි රැගෙන යමින් තිබූ ලොරි රථයක පිටුපස සුඛෝපභෝගී බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව
තිබෙන අතර අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් කරමින් සිටි 52 හැවිරිදි බේරුවල – ලියනගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බේරුවල සිට කාත්තන්කුඩි දක්වා චාරිකාවක් යමින් සිටි බස් රථයක් වන අතර මෙම අවස්ථාවේ බස් රථයේ මගීන් 23ක් පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කුරුණෑගල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.