ඇල්පිටිය පොල්ගස්වත්ත ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටි යේ ඊයේ(26) උදෑසන ඇල්පිටිය, පොල්ගස්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් වයස අවුරුදු 72ක් පමණ වූ බටුවන්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය කියා සිටියා.
ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකරුගේ සහෝදරයා විසින් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනයට සම්බන්ධයෙන් වයස අවුරුදු 77ක් වූ බටුවන්හේන ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














