අයහපත් කාලගුණ තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.
අයහපත් කාලගුණයත් සමග පවුල් 504 ක පුද්ගලයින් 1790 කට බලපෑම් එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.
නිවාස 2ක් ක් සම්පූර්ණයෙන් හානි සිදුව ඇති අතර තවත් නිවාස 193 කට අර්ධ හානි සිදු වී තිබෙනවා. .
පවුල් 5ක පුද්ගලයින් 16 ක් සහන මධ්‍යස්ථානවල රඳවා ඇති බවයි එම මධ්‍යස්ථානය සදහන් කලේ
මේ අතර දිස්ත්‍රික්ක 07ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කලා.













