ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පවසනවා.
අයහපත් කාලගුණ හේතුවෙන් සහන කණ්ඩායම්වලට පසුගිය දින කිහිපයේ එම ප්‍රදේශයට ළඟවීමට නොහැකිව තිබුනා.
ඉන්දුනීසියාවට අමතරව අග්නිදිග ආසියාවම මාස ගණනාවක් පුරා පැවති අයහපත් කාලගුණයෙන් පිඩාවට පත්ව සිටිනවා.
මේ වනවිට සිදුව ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් එම කාලපය තුළ පමණක් දහසකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව තිබෙනවා.










