කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා, සහ දිවයින වටා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව සඳහා සැලකිලිමත් වන ලෙසට එම නිවේදනයේ දක්වා තිබුණා.
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවයි එම නිවේදනය මගින් දැනුම් දෙන්නේ.
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දිනයේ පමණ වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි.
ඉන්පසු එළඹෙන පැය 48 තුලදී එම පද්ධතිය තවදුරටත් සුළි කුනාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව යි එම දෙපාර්තුමේන්තුව අවධාරණය කරන්නේ.
උණුසුම් පුවත්
- ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
- නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්
- කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි
- ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
- රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
- පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්













