අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.
මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත 30 කට වැඩි සංඛ්‍යාවක් නිල භාෂාව ලෙස ඉංග්‍රීසි නම් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.