අමෙරිකාව චීනයට එරෙහිව අනිසි ලෙස තීරුබදු පැනවීමට පියවර ගන්නේ නම් ඒ පිළිබදව තීරණයක් ගන්නා බව චීන වාණිජ අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව සිය දුර්ලබ ඛනිජ අපනයන සීමා කිරීම සඳහා ගන්නා පියවර සම්බන්ධයෙන් පසුගියදා දැනුම් දුන් බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.
අමෙරිකාව පසුගියදා ප්‍රකාශ කළේ චීනයට එරෙහිව 100% ක් තීරුබදු පනවන බව සහ ප්‍රධාන මෘදුකාංග අපනයන පාලනය කිරීමට කටයුතු කරන බවයි.
මෙම පියවර ව්‍යවසායන් හි යුක්තිගරුක හා නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට මෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය ද හානිකර වන බව චීනය පවසනවා.
මෙම වැරදි නිවැරදි කරන ලෙසටයි චීනය අමෙරිකාවෙන් ඉල්ලා සිටින්නේ.
එමෙන්ම අමෙරිකාවේ සැලසුම් සහගත ක්‍රියාවන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් තම පූර්ණ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය ක්‍රියා කරන බව ද චීන වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.