එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.
මින් පෙර බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට මුලපුරනු ලැබුවේ අමෙරිකා එක්සත් ජනපදය බවයි ඒ මහතා සදහන් ප්‍රකාශ කළේ.
ඒ අනුව මෙම මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ මෙම චෝදනාවන්ට අභියෝගයක් එල්ල කිරීමට හැකි බවද ප්‍රතිභා මහානාම හේවා මහතා වැඩිදුරටත් සදහන් කළා.