උද්ධමනය ඉහළ යෑමත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාංශ , කෝපි, කෙසෙල් සහ තවත් ආහාර නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් සඳහා පනවා තිබූ තීරුබදු ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
දිනෙන් දින ඉහළ යන සිල්ලර භාණ්ඩ මිල පිළිබඳව ඇමරිකානු පාරිභෝගිකයන් අතර ඇති වූ දැඩි කනස්සල්ල හමුවේ ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.
මේ යටතේ පළතුරු යුෂ, තේ, කුළුබඩු සහ තක්කාලි වැනි එදිනෙදා අවශ්‍යතා ඇතුළුව තවත් බොහෝ දෑ සඳහා වූ ආනයන බදු ඉවත් කර තිබෙනවා.
මේ අතර ඉංග්‍රීසි ඕඩයේ පිහිටා ඇති චැනල් දූපත් පාදක කරගත් බ්ලූ අයිලන්ඩ්ස් ගුවන් සේවය සිය මෙහෙයුම් අත්හිටවූ බව නිවේදනය කර තිබෙනවා.
සියලුම ගුවන් ගමන් වහාම අවලංගු කළ බව ද එම නිවේදනයේ සඳහන්.
වසර විස්සක් පුරා බි්‍රතාන්‍ය දූපත් සමූහයේත් සහ ඉන් පිටතත් ගමනාන්ත වෙත සේවා සපයන ලද මෙම ගුවන් සමාගම, ඊයේ සිට වෙළඳාම නතර කළ බව තහවුරු කළා.
ඒ අනුව සියලුම වෙන් කිරීම් ද අවලංගු කිරීමටයි පියවර ගෙන තිබුණේ.
බ්ලූ අයිලන්ඩ්ස් ගුවන් සේවය සතුව ්ඔඍ-72 ගුවන් යානා පහකින් යුත් යාත්‍රා සමූහයක් ක්‍රියාත්මක වුණා.
මෙම ගුවන් සේවයේ ආසන්න වශයෙන් සේවකයින් 100 ක් පමණ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.











