අමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයින් සිව් දෙනෙකුට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.
ඒ, චීනයේ ජිලින් පළාතේ මහජන උද්‍යානයකදී සංචාරය කරමින් සිටින අවස්ථාවකදියි.
එම අමෙරිකානු ජාතිකයින් සිව්දෙනා පන්සලක් වෙත පාගමනින් යමින් සිටියදි තියුණු ආයුධයකින් සන්නද්ධ පුද්ගලයෙකු අදාළ පහරදීම් සිදුකර ඇති අතර තවමත් චීන බලධාරින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද සදහන්.