අමෙරිකානු වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ ඉන්දියාවට පැමිණ තිබෙනවා.
ඒ, ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල්ගේ ආරාධනයකට අනුවයි.
එළඹ ඇත්තේ ඉන්දු – අමෙරිකා සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා සුබදායී කාලයක් බව ද අමෙරිකානු වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ පවසා තිබෙනවා.
ඉන්දියාවට පැමිණි අමෙරිකානු වාණිජ ලේකම්වරිය පසුගිය 09 වනදා දක්වා එරට රැඳී සිටි බව සදහන්.
එම කාලසීමාව ඇතුළත ඇය ඉන්දු – අමෙරිකානු වාණිජ සංවාදය සහ තවත් සාකච්ඡා කිහිපයකට ද සහභාගී වී තිබෙනවා.