උතුරු කොරියා නායකයා හමුවීමට කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
තම ආසියානු සංචාරය අතරතුර මෙම හමුවීම සිදු කිරීමට නියමිත බව සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඩොනල්ඩ් ට්‍රම්ප් 2019 වසරේදී උතුරු කොරියාවේ සංචාරයක නිරතව තිබුණා.
තමා සහ උතුරු කොරියානු නායකයා අතර ඉතා හොඳ සබදතාවක් පැවති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේදී මැලේසියාව සහ ජපානයේ සංචාරය කිරීමට නියමිත අතර, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිතයි.













