මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ජූලි චන්ග් මහත්මිය මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ලෙස සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික සේවය එළඹෙන 16 වනදා අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ඇය සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍ර ී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්වුණා.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද මෙහිදී ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළා.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත් වූ සාකච්ඡාවලදී ඇය ලබා දුන් සුවිශේෂී සහාය ද අගයනු ලැබුවා.
2022 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍ර ී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ලෙස පත්ව මෙරටට පැමිණි ජූලි චන්ග් මහත්මිය වසර 4 ක් තානාපති ධුරයේ කටයුතු කළා
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














