නව අමාත්‍යංශ ලේකම්වරු හතර දෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පැවැති පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාර්ක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
අග්‍රාමාත්‍ය හරිසි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබෙනවා.
එහිදී බලශක්ති අමාතයංශයේ ලේකම්වරයා ලෙස මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතාත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ.එම්.ජී.එස්.එන්. කළුවැව මහතාත් පත් කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
එසේම කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එස්.එම්. පියතිස්ස මහතාත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මියත් පත් කිරීමටයි එම කාරක සබාවේ අනුමැතිය හිමිව ඇත්තේ.