සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
මහජන සෞඛ්‍යපරික්ෂකවරුන්ගේ හා ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා.
මෙම සාකච්ඡාවේදී මහජන සෞඛ්‍ය පරික්ෂක තනතුරු පිරවීම, රාජකාරී වේලාව සංශෝධනය කිරීම සහ මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලා කඩිනම් කිරීම ඇතුළු කරුණු පිළිබඳවයි අවධානය යොමු කෙරුණේ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනය කිරීම පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටද මෙහිදී තීරණය කර තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ සහ ආයතන එක්ව විශේෂ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර විසදුම් ලබාගැනීමටයි මෙහිදී අවධානය යොමු වුණේ.
ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලු විසදීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවීමටත් අමාත්‍යවරයා මෙහිදී කටයුතු කර තිබුනා.
උණුසුම් පුවත්
- රනිල් රිමාන්ඩ්
- ගුරු විද්‍යාල අවසාන විභාගයෙහි ප්‍රතිඵල නිකුත් කරයි
- ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීමයි-ජනාධිපති
- ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය
- ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළක්
- මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව
- එක මලට පෙම් කළ 14 පෙම්වතුන් දෙන්නාගෙන් කෙනෙක් රෝහලට