විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදු ව තිබෙනවා.
එරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීවයි මෙම හමුව සිදුව ඇත්තේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීමේ අරමුණින් මෙම හමුව සිදුව තිබෙනවා.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් අතර හමුවක්ද සිදුව තිබෙනවා.
එහිදී ද ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ සදහන් කළා.
මේ අතර එරට වේලාවෙන් අද පස්වරු 3.15ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.
මෙම සංචාරය අතුරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා.
උණුසුම් පුවත්
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්










