පාරිසරික හානියක් නොමැති බවට තහවුරු වුවහොත් අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරිපත් වූ පැමිණිලි හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බවයි.
අම්බුළුවාව ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මෙම අදහස් පල කළා.
එම අවස්ථාව සදහා එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා සදහන් කළේ අදාළ ව්‍යාපෘතිය මගින් කිසිදු පාරිසරික හානියක් සිදුනොවන බවයි.












