අම්බලන්ගොඩ නගර සභාව අසල අද උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන 10.30ට පමණ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුනා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දා නැමති පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයාට මෙලෙස වෙඩි තබා ඇති බවට පොලිසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.











