එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ සාමාජික රටවල් 18 සැසිය නියෝජනය කිරීම සඳහා අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ආසියා පැසිපික් කලාපය නියෝජනය කරමින් පළමුවරට ශ්‍රී ලංකාව එහි සභාපතිත්වය දැරීම මෙවර සැසියේ විශේෂත්වයක් .
ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ සාමාජික රටවල්වල සැසිය ලබන 10 වනදා සිට 12 වනදා දක්වා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන මෙම සැසියේ ශ්‍රී ලංකා නියෝජනය වෙනුවෙන් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සහභාගි වනවා.
ඒ මහතා ලබන 10 වනදා සැසිය ඇමතීමට නියමිතයි.
සමාජ සංවර්ධනය සඳහා ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් හා දායකත්වය පිළිබඳ මහජන අවබෝධය වැඩිදියුණු කිරීම මෙවර සැසියේ තේමාව වනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










