පසුගිය 30 වනදා වන විට අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක් සපුරා ගැනීමට හැකි වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පසුගිය මාසය අවසන් වන විට අපේක්ෂිත බදු ආදායම සපුරාගැනීමට හැකි වූ බවයි එම දෙපාර්තුමේන්තුව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධිපිළිබද කාරක සභාවේදී අණාවරණය කළේ.
පසුගිය මාසයේ 30 වනදා වන විට අපේක්ෂිත බදු ආදායම රුපියල් මිලියන දහසය ලක්ෂ දහ දහස් පන්සිය අනූ නවයක් වුණා.
කෙසේ වුව ද රුපියල් මිලියන දහසය ලක්ෂ හතලිස් එක් දහස් නවසිය අනූ හතක් උපයාගෙන තිබෙනවා.
මෙය සියයට 102 ක ප්‍රතිශතයක්.
එමෙන්ම මෙම වසරේ සමස්ත බදු ආදායම් ඉලක්කයෙන් සියයට 75 ක් දැනටමත් උපයාගෙන අවසන් බවයි එහිදී වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










