පසුගිය 30 වනදා වන විට අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක් සපුරා ගැනීමට හැකි වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පසුගිය මාසය අවසන් වන විට අපේක්ෂිත බදු ආදායම සපුරාගැනීමට හැකි වූ බවයි එම දෙපාර්තුමේන්තුව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධිපිළිබද කාරක සභාවේදී අණාවරණය කළේ.
පසුගිය මාසයේ 30 වනදා වන විට අපේක්ෂිත බදු ආදායම රුපියල් මිලියන දහසය ලක්ෂ දහ දහස් පන්සිය අනූ නවයක් වුණා.
කෙසේ වුව ද රුපියල් මිලියන දහසය ලක්ෂ හතලිස් එක් දහස් නවසිය අනූ හතක් උපයාගෙන තිබෙනවා.
මෙය සියයට 102 ක ප්‍රතිශතයක්.
එමෙන්ම මෙම වසරේ සමස්ත බදු ආදායම් ඉලක්කයෙන් සියයට 75 ක් දැනටමත් උපයාගෙන අවසන් බවයි එහිදී වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
- පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
- හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
- කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
- ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
- පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
- නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
- ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට














