2025 මුල් මාස 04 තුළ දී රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වෙනවා.
2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රු. බිලියන 1,218.07 ක් ලෙසින් වාර්තා වන අතර එය මෙම වසරේ පළමු මාස 04 තුළ දී රු. බිලියන 1,454.67 ක් දක්වා, රු. බිලියන 236.60 කින් වැඩි වී තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙය 19.42%ක වර්ධනයක්.
එහිදී රු. බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් වාර්තා වීම විශේෂත්වයක්.
විශේෂයෙන් එම මාසය තුළ දී වාහන ආනයනය නැවත විවෘත කිරීම හේතුවෙන් මෙලෙස බදු ආදායමේ ඉහළ යාමක් වාර්තා වී තිබෙන බවයි සඳහන් වන්නේ.