ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සහ මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් සේවකයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට එක්ව තිබෙනවා.
වෘත්තීය සමිති නායකයින් හා මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව පැවැත්වුණේ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම පිහිටි නිල නිවසේදීයි.
පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති වූ වෘත්තීය ක්රියාමාර්ගය හමුවේ වෘත්තීය සමිති නායකයින් හා සේවකයන් විසිදෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කෙරුණා.
මේ අතර අනිවාර්ය නිවාඩු යවා ඇති ශ්රී ලංකා පොදුජන පෙරෙමුණේ ව්ත්තිය සමිති නියෝජිතයින නැවත සේවයේ පිහිටුවීම සඳහා අවස්තාවක් ඇද්දැයි සලකා බලන බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි ලොකුගේ මහතා පවසනවා.