අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අද කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එරෙහිව අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, කොටුව පොලිස් ස්ථාන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම වාරණ නියෝගය නිකුත් කළා.
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ඇතු`ඵ 13 දෙනෙකුට එරෙහිවයි මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ.
ඒ අනුව අරලියගහ මන්දියර, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමුවදොර වටරවුමේ සිට එන් එස් ඒ වටරවුම දක්වා මාර්ගයට ඇතුඵ වීම අධිකරණය විසින් වළක්වා තිබෙනවා.