මාඋස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මස්කෙළිය ඔය විනාශ කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් මැණික් ගැටීම්වල යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙක් මස්කෙළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාඋස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මස්කෙළිය ඔය හා එහි පරිසරය විනාශ කරමින් අනවසරයෙන් මැණික් ගැටීමක් සිදු කරන බවට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී එම ස්ථානයේ අනවසරයෙන් මැණික් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් හා මැණික් ගැරීමට උපයෝගී කර ගන්නා භාණ්ඩ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා මස්කෙළිය මාඋස්සාකැලේ වතු යායේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවත් ඔවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහර මේ මස 12 වන දින හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට එම දෙදෙනාට නියෝග කළ බවත් පොලිසිය පවසනවා.











