අධිවේගී මාර්ගයන්හි මගීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම බස් රථ 20 වන ඉරිදා සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පවසනවා.
ඒ මහතා කියා සිටියේ ජාතික ගමනාගමන කොමිසන් සභාව මගින් අධිවේගී මාර්ග බස් රථවලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කිරීමට එරෙහිව මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි.
ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒකාබද්ධ මාධ්‍ය මුවක් කැඳවමින් ඊයේ(14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
එහිදී සභාපති සම්පත් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ අධිවේගී මාර්ගයන්හි ධාවනය කරන සියලුම බස් රථ සංගම් සමග මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවයි.
අධිවේගී මාර්ගයන්හි ධාවනය කරනු ලබන බස් රථවලින් රුපියල් ලක්ෂ දෙකකට අධික ටෙන්ඩර් ගාස්තුවක් අසාධාරණ ලෙස අය කරන බවත් ඒ හේතුවෙන් බස් රථ තවදුරට ධාවනය කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
එම ටෙන්ඩර් ගාස්තු අය නොකර අධිවේගී මාර්ග ගාස්තුවලින් මගියෙකුගෙන් රුපියල් දෙසීයක පමණ මුදලක් අඩුකර එම සහනය ඔවුන්ට ලබාදෙන ලෙසට ඉල්ලා සිටින බවද රණසිංහ මහතා පවසනවා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













