
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා පවසනවා.
අජිත්. පී. පෙරේරා සඳහන් කළේ අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බවයි.
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය හේතුවෙන් ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා.














