ඉන්දියාවේ මුම්බායි නුවර වෙත බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජන ජීවිත අඩාල වී තිබෙනවා.
මුම්බායි හි මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවත්, ගුවන්ගමන් සහ දුම්රිය සේවා අවලංගු කිරීමට සිදුව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නගරයට සහ එහි අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අද දිනයේ දී තවදුරටත් තද වැසි ඇතිවන බවට ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුනා.
ගෙවුණු දින හතරක කාලය තුළ මුම්බායි නගරයට මිලිමීටර් 800ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
එය මෙම මාසයේ නගරයට ලැබෙන සාමාන්‍ය වර්ෂාවට වඩා අධික වීම විශේෂත්වයක්.
නමුත් ඉදිරි දින කිහිපයේ දී මෙම තත්ත්වය යහපත් වනු ඇති බවට ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය දින හතර තුළ මුම්බායි නුවර ඇතුළුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ වැසි ආශ්‍රිත අනතුරු හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකුට දිවි අහිමි වී තිබුනා.
උණුසුම් පුවත්
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට













