වාහන වායු විමෝචන භාරකාර අරමුදල සහ පොලිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අධික දුම පිට කරගෙන මාර්ගයේ ධාවනය වන රථ වහන සඳහා අහඹු දුම් පරීක්ෂාවන් අද දින දිවයිනේ ස්ථාන කිහිපයකදීම ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙහිදී අධික දුම පිට කරන බවට තහවුරු කරගත් රථ වාහන සඳහා නඩත්තු නියෝග නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
වාහන විමෝචන භාරකාර අරමුදල විසින් අධික දුම පිට කරන වාහන පිළිබඳ අහඹු දුම් පරීක්ෂාවන් දිවයින පුරා මින් ඉදිරියට අඛන්ඩව ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් යොදා ඇත්තේ.
වාහන විෂදුම නිසා සිදුවන සෞඛ්‍යමය හානිය, පාරිසරික හානිය, ආර්ථිකමය ගැටලු දිනෙන් දින ඉහල යාමත් එම ගැටලු කළමනාකරණය සඳහාත් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
අතුරුගිරිය පොලිසිය ඉදිරිපිට කරන ලද මාර්ගස්ථ දුම් පරීක්ෂාව මෙහිදී ඩීසල් වාහන වාහන 50% වැඩි ප්‍රමාණයක් අසමත්ව තිබෙනවා.
පෙට්‍රල් වාහන අසමත්ව ඇත්තේ 15% ක ප්‍රමාණයකි
: ලස්සනා රටක්, පිවිතුරු හුස්ම පොදක් යන තේමාව ඔස්සේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව වාහන වායෝජන භාර භාර කර අර මුදල විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.