නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ජනතාව සහ සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
යම් යම් පාර්ශ්ව තුළ මතුව ඇති ව්‍යාකූලත්වය සමග අධ්‍යාපන ප්‍රතිසංස්කණ ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් ඒ අනුව මේ සම්බන්ධව සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කලා.
එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර නොමැති බවත් එම කටයුතුවලට අදාළ අනෙකුත් සියලු කරුණු මේ වන විටත් සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.










