ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගනු ලබන නවක නිලධාරීන් ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාවට අනුව අනිවාර්ය වන සේවාරම්භක පුහුණුව ලබා දීම ආරම්භ කර තිබෙනවා.
කාර්යක්ෂම ව කටයුතු කිරීමට සූදානම් කිරීමේ අරමුණින්මෙම පුහුනු සැසිය පවත්වනු ලබනවා.
මෙහි දී අධ්‍යාපන පද්ධතියට එක් වන නව නිලධාරීන්ට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ලබා දෙන පුහුණුව මගින් ඉදිරි අධ්‍යාපන පරිපාලනය ශක්තිමත් කිරීමට මනා පිටුබලයක් ලැබෙනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ .
මෙම පුහුණු වැඩමුළුවට විවෘත සහ සීමිත පදනම මත නිලධාරීන් 500ක් සම්බන්ධ වී සිටිනවා.
විවෘත පදනමින් බඳවාගත් නිලධාරීන් මේ වනවිට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නේවාසික පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වී තිබෙනවා .
සීමිත පදනම මත බඳවාගත් නිලධාරීන් පුහුණුව සිදු වන්නේ මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේදීයි..
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










