පාසල්වල අතැරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉිදරි සතියේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
පැවැති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය නිකුත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කියා සිටියේ.
සුදුසුම දරුවන් පාසල්වලට ඇතුළු කරගැනීමට හැකිවන ලෙස එම චක්‍රලේඛය මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇති බවයි වාර්තා වන්නේ.
නීති විරෝධී හා අයථා ක්‍රම මගින් සිසුන් පාසල්වලට ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදයන්ට එමගින් තිත තබන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටිනවා.
එසේම පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛයද ලබන සතියේදී නිකුත් කිරීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කියා සිටියේ.