බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද සඳහන්. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- එකම පවුලේ සිව්දෙනෙක් අනතුරක – 4 හැවිරිදි දරුවෙක් මරුට
- ගංවතුරෙන් පස් දෙනෙක් එළොව යයි !
- අපි පළාත් පාලන මන්ත්‍රී ධූර ලබා දුන් ආකාරය වැරදියි – එජාප උප සභාපති කියයි
- ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
- අසල්වැසි කැනඩාවටත් ට්‍රම්ප්ගෙන් දැවැන්ත බද්දක්
- ජනාධිපති සහ ගේට්ස් පදනම අතර සාකච්ඡා
- වසර 35 කට පසු ඛණිජ තෙල් සංස්ථාවේ සේවක බඳවා ගැනීම් ප්‍රතිසංස්කරණය කෙරේ
- බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්