දිවයිනේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඉහත ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, මධයම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේම ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ නිවේදනයද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ඊයේ(25) සවස 5.30ට පමන පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රීකුණාමලය සිට කිලෝමීටර් 800ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 10.9ත් නැගෙනහිර දේශාංෂ 88.1ත් ආශ්‍රීතව ස්ථානගතව පැවති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින් අද(26) දින ගැඹුරු පීඩන අවපාතයක්, හෙට(27) දින සුළි කුණාටුවක් සහ 28 වන දින උදෑසන වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
නැවත දැනුම්දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රීතව ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රීතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනවා.
වැසි තත්ත්වය
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ
සුළං බස්නාහිර දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර විටින් විට රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.













