අද ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක වනවා.
සෞඛ්‍ය සේවක උද්ඝෝෂණ මාලාව කොළඹ ජාතික රෝහල – දකුණු කොළඹ ශික්ෂණ රෝහල – රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල – කළුතර නාගොඩ මහ රෝහල – පානදුර මූලික රෝහල මෙන්ම මාතර – මොණරාගල – අම්පාර – නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල් ආශ්‍රිතව පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.
ඒ ඖෂධ හා සේවක හිගය මෙන්ම ප්‍රවාහන හා උද්ධමන දීමනා ඇතුළු ඉල්ලීම් මුල්කරගනිමින්.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා සිටියා.
හඬ පට ධාවකයවෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකදී විරෝධතා සංවිධාන කර තිබෙනවා.
ටෙලිකොම් මූලස්ථානය – කම්කරු දෙපාර්තමේන්තුව – රනාල ලංකා ටයිල් ඇතුළු ආයතනයන්හි වෘත්තීය සමිති දහවල් 12 ට සහ පස්වරු 2 ට විරෝධතාවන්හි නිරතවනු ඈති.
දරාගත නොහැකි ජිවන බරට,බදු බරට,අධික විදුලි බිලට එරෙහිව පස්වරු 5.00ට රත්මලාන බෙලෙක් කඩේ හංදියේදි විරෝධතාවක් ක්‍රියාත්මක බව රත්මලාන වෘත්තීය සමිති සභාව සඳහන් කළා.
රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෛද්‍යවරුන් සහ වරාය, ඛනිජ තෙල්, විදුලිබල, බැංකු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් ඊයේ දීපව්‍යාප්තව සංකේත වැඩවර්ජන හා විරෝධතා සංවිධාන කර තිබුණා.
වෘත්තිය සමිති එහිදී අවධාරණය කළේ ජනපීඩක බදු සංශෝධන ඉවත් කර නොගතහොත් පෙබරවාරි 17 වනදායින් පසු පූර්ණ වැඩවර්ජනයක නිරත වීමට සූදානම් බවයි.
හඬ පට ධාවකයකරුණු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක පැය 24ක සංකේත වැඩවර්ජනයක් ඊයේ පෙරවරු 8 ආරම්භ කෙරුණු අතර එය අද පෙරවරු 8ට දක්වා ක්‍රියාත්මකයි.