අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජික ධූරයන්ගේ පවතින පුරප්පාඩු සදහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
ඒ සදහා වූ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති බවයි පාර්ලමේන්තු මාධ්‍ය ඒකකය සදහන් කළේ.
ඒ අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ලබන මැයි මස 27 දින හෝ එදිනට පෙර යොමු කළ යුතු බවද පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය දැනුම් දෙනවා.