අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනුණා.
ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරයා ඊයේ දිනයේදීම පොල්ගහවෙල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.