අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තබා තිබෙනවා.
අද පස්වරුවේ රත්මලාන ගොළුමඩම හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
වෑන් රථයේ රියදුරුවරයා එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.