අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පේදුරුතුඩුව පොලීසියේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා.
එහිදී එක් අයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වැල්වැටිතුරෙයි පොලිස් කොට්ඨාශය තුළ වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයට එලෙස වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කළා.
එහිදී වාහනයේ තිබී ගංජා තොගයක්ද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පේදුරුතුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.