අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000ක් සදහා දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 18 ත් 35 ත් අතර තරුණ තරුණියන් 50,000ක් සදහායි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇත්තේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ඉදිරි වසර පහ තුළ පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ නෙස්ට් ශ්‍රී ලංකා රාජ්‍ය වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වනවා.
ඒ අනුව මේ මස 15 සිට 23 දක්වා සතියක් දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී, තරුණ තරුණියන්ගේ නිපුණතාවය පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.