වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහ දක්වා ධාවනය කරමින් තිබියදී රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදී අද(01) දින අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළීමට ගිය අවස්ථාවේ එම බස් රථයේ රියදුරු විසින් බස් රථයේ අත්තිරිංග භාවිත කරමින් බස් රථය නතර කරගැනීමට සමත්ව ඇති බව වලපනේ ඩිපෝවේ ධාවන කළමනාකාර බණ්ඩාර මහතා පවසනවා.
දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ එම මාර්ගයේ අධික වංගු සහිත ස්ථානයකදී බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලයෙන් මිදී බස් රථයට අනතුරට පත්ව තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් අප එම බස් රථයේ රියදුරු වන සමන් තිලකසිරි (48) මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ….
“අද උදේ බස් රථය නිල්දණ්ඩාහින්නේ ඉදලා තෙරිපැහැ දක්වා ධාවනය කරවන අවස්ථාවේ එම මාර්ගයේ රාසින්ගොල්ල ප්‍රදේශයේ පළවෙනි වංගුවෙදි ඩෝං ගාලා සද්දයක් ආවා.
මං ටක්ගාලා අත්තිරිංග තද කරලා බස් රථය නතර ගත්තා.
බස් රථයට පහළින් අඩි 50ක් පමණ ප්‍රපාතයෙන් මාර්ගය පේනවා.
බස් රථය අනතුර පත්වන අවස්ථාවේ බස් රථයේ මගීන් 40 දෙනෙක් පමණ ගමන් කළා.
මම බස් එක නතර කරලා බැහැලා බලනකොට බස් එකේ ජොයින්ට් එක දෙකට කැඩිලා තිබුණා.
බස් එකේ ඉන්න කට්ටිය බස්සවල මම ඒ පිළිබඳ ඩිපෝවට දැනුම් දුන්නට පස්සේ ඩිපෝවෙන් ඇවිල්ලා අලුතින් ජොයින්ට් එකක් දාලා බස් එක ගත්තා.
බස් එක ගන්නකම් මාර්ගය අවහිර වෙලා තිබුනේ.
මම අවුරුදු 15ක් පමණ රියදුරෙකු වශයෙන් වලපනේ ඩිපෝවේ සේවය කරනවා.
මම කෑගල්ල, අවිස්සාවේල්ල පාරේ. මම දෙදරු පියෙක්.













