2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද චීනයේ බීජිං වෙත ළඟා වූවා.
අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරයේ නිරත වන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයෙන්.
චීන ජාතික ගුවන්විදුලි සහ රුපවාහිනී පරිපාලන අමාත්‍ය Cao Shumin මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරිය මෙහිදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.
මෙම සංචාරයේ පළමු දින, අග්‍රාමාත්‍යවරිය චීනයේ තහනම් නගරය සහ චීන මහා ප්‍රාකාරය නැරඹීමට එක්වුණා.
යුනෙස්කෝ ලෝක උරුමයන් වන තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය), අධිරාජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය සහ ජාතික වශයෙන් සංරක්ෂිත එකතුවක් වන අතර චීනයේ ඓතිහාසික ශිල්පීය වටිනාකම විදහා දක්වන චීන මහා ප්‍රාකාරය, චීනයේ සංරක්ෂිත සංකේත වනවා.