අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි ඊයේ සිය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවන්හිදී පැවති උත්සවයේදී ජනාධිපතිනි දෘපදී මුර්මු ඉදිරියේ මෝදි දිවුරුම් දීමටයි කටයුතු කළේ.
දිවුරුම් දීමේ උත්සවයට පෙර අගමැති මෝදි රාජ්ගාට් හි පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කළ අතර ජාතික යුද ස්මාරකය වෙත ද පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළා.
දිවුරුම් දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ලොව පුරා නායකයන් රැසක් එක්ව සිටියා.
නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 293ක් ලබා ඉන්දීය මහමැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ තුන්වන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙස තේරී පත්වුණා.
ජවහර්ලාල් නේරුගෙන් පසු තුන්වරක් අගමැති ධූරයට පත් වූ පළමු පුද්ගලයා වන්නේද නරේන්ද්‍ර මෝදියි.
උණුසුම් පුවත්
- සබරගමුව සරසවියේ දූෂණ ගැන සොයන්න පරීක්ෂණ කමිටුවක්
- ට්‍රම්ප්ගේ බදු හමුවේ ඇමෙරිකාවේ ආනයන පහතට
- ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
- ජනාධිපති සහ සංචාරක ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සාකච්ඡාවක්
- චිලී රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක්
- වැසි තත්ත්වයේ යළි වර්ධනයක්
- හජ් දිනයට විපක්ෂ නායකගෙන් සුභ පැතුම්
- අග්‍රාමාත්‍යවරියගෙන් හජ් දිනයට සුභ පැතුම්