තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වෙඩික්කරුවෙක් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පෙබරවාරි 13 වනදා තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී කාර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අරපාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කරනු ලබන බවයි.
පෙබරවාරි 16 වන දින කොට්ටාව සහ අතුරුගිරිය ප්‍රදේශවලදී සහ 17 වන දින කහතුඩුව පොලිස් වසමේදී මෙම අපරාධයට ආධාර අනුබල ලබාදීමේ හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බවයි පොලිසිය පවසන්නේ.
එසේම ඊයේ(21) දින සවස අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය සමග සමගාමීව විමර්ශන කටයුතු සිදු කරන හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයේ වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියාකළ සැකකරුවෙකු අපරාධය සඳහා භාවිතා කළ ජංගම දුරකතනයක්ද සමග අත්අඩංගුවට ගෙන බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධය කොට්ඨාසය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46ක් වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරු හිටපු යුද හමුදා සෙබලෙකු බවත් 2009 වර්ෂයේ ලබාදුන් පොදු සමා කාලයේදී නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවටත් විමර්ශනයේදී අනවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අද(22) අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














