අකුණු සැර වැදීම හේතුවෙන් වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේ එම අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු කඩිනමින් ඉවතට ගෙන අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ඉටු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බව සඳහන්.
මේ හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවුනත් එහි උපකරණවලට හානි සිදු වී ඇති බවයි වලස්මුල්ල මූලික රෝහලේ නිලධාරීන් සඳහන් කලේ.
වලස්මුල්ල පොලීසිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ තංගල්ල නගර සභාවේ ගිනිනිවන ඒකකය රෝහල වෙත පැමිණ අකුණු සැර වැදීමෙන් ගට ගත් ගින්න නිවීමට කටයුතු කර තිබෙනවා.