අංගොඩ – ගල්වාන මංසන්ධියේ පිහිටි සබන් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
අද අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න නිවා දැමීමට ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවිමේ රථ 2 ක් යොදවා තිබුණා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි ගිනි නිවිමේ ඒකකය සදහන් කළේ.